Friday, December 14, 2012

ජීවිතේ අහපු ලස්සන සිංදුවක පදවැල්

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග


ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න


සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග



ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න


එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

එපා යලි හමුවන්න වීඩියෝ එක බලන්න  

Sunday, December 9, 2012

පළමු දිගහැරුම.

සඳරු කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි..........

සඳරු ඇත්තටම වෙනස්ම ලොවක තනි උනා..වෙනස් කෙනෙක් වෙනස් දෙයක් කරන්න හිතුවා..තනියම ඉන්නකොට හිතෙන සිතුවිලි ගොන්න ඔහේ සිර කරගෙන මොකට ඉන්නවද කියලා මම හිතුනා... එකයි ලියන්න ගත්තේ... වැස්සක් දිහා බලාගෙන තෙමෙන ගෙපැල දිගේ, සීරුවට වැහි බින්දු බේරෙන වහල වගේ හිතත් ගතත් නෙතත් රිදවන වෙලාවට කවුරුවත් නැති මගේ ලෝකෙට හිතුනා ලෝකෙටම අහෙන්න කෑ ගහලා මම ගැන කියන්න...

හුදකලාව ජීවිතයක අරුතක් මවනවා වගේම හිතක් ගිලන් කරනවා..
අනේ මන්දා.. ඔහේ ඉවත බලාගෙන ඉඳලානෙතින් වැටෙන කඳුළු බිඳු වල උණුහුමට ආසාවෙන් ගුලි වෙනවට වඩා ලෝකේ නොදකින එත් පවතින වෙනසක් කරන්න හිතුවා..

හැමෝම කියන්නේ සඳරු හරි වෙනස් පණ්ඩිතයි, නපුරුයි, ආඩම්බරයි කියලා මම මේ වචන වලට ගොඩක් ආදරෙයි..මොකද මේ වචන ගොන්න ජීවිතයකට ලැබෙන්නේ ගොඩක් අඩුවෙන් එකයි සුවිශේෂත්වය...
වෙනස් කියන දේ කෙනෙක්ට ලැබෙන්නේ කලාතුරකින් හේතුව අනිත් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ..මම අත්ම වර්ණනාවක් කරනවා මගේ ගැන මම හොඳ කොල්ලෙක් කියලා..හේතුව මගේ ඇස හඬන්නේ වෙන කෙනෙක්ගේ දුකක් වෙනුවෙන්, මම සතුටු වෙනවා වෙන කෙනෙක්ගේ සතුට වෙනුවෙන් මගේ සතුට දීලා මට හඬන්න එයාගේ කඳුළු ගන්න ශක්තියක් ඇති වීම ගැන...

මම ආදරෙයි මගේ ජීවිතේට.. ආදරය කරුණාව, වෛරය, තන්හාව මේ දේවල් අපි ළඟ තියනවා,මේ කාටත් පොදු උන මානුෂීය හැගීම්... එකයි ඒවාට නිර්මාණ කියලා කියන්නේ.
 නිර්+මානය  "නිර්"යන්නෙහි අර්ථය ශුන්‍ය හෙවත් කිසිවක් නැත යන්න වේ."මානය" යනු මැනීමයි..එහෙනම් නිර්මාණය යනු මැනිය නොහැකිය යන්නයි......

ආදරය මනින්න පුළුවන් කාටද නේද ......?

ඔව් මටත් බැරි උනා කවදාවත්ම බැරි වේවි...

එත් ඔයා දන්නවද ලෝකේ තියනකම් ලෝකේ කැරකෙනවා.. ඉර තියනකම් ලෝකේ එලිය වෙනවා... එත් අමාවක දවසට හඳ පායන්නේ නෑ...

පොළවෙන් මතුවෙන පුංචි දිය පාරක් තමයි ගඟක් වෙන්නේ .. අහසින් වැටෙන පුංචි වාෂ්ප උන දිය බිඳිති තමයි මාහා ගංවතුරක් මවන්නේ... 

පොළවෙන් මතුවෙන පුංචි දිය පාර ගඟක් වෙලා කොතරම් ජිවිත  ප්‍රමාණයක් සාරවත් කරනවද..? මහා ගංවතුරක් ඒ ජිවිතම ආයෙත් නැත්තටම නැති කරලා දානවද  ? 
 මේ දෙන්නම  අපිට  වෙන්න  බෑ  .. එත් කල ගුණ  දත්  මිනිහෙක් වෙන්න පුළුවන්...

හිතුවා ලියන්න නිකන් පුස් කන පන්හිඳ , පණ පොවන්න ජීවිතයක සොඳුරු දැක්මක්..............!